අවසාන මොහොත මාගේ

Lyrics

අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ පෙනේවී රූපේ ඔබගේ මැවි මැවී මාගේ අම්මේ , දැනෙයි ඔබේ සුවද අම්මේ //
..
පොඩි කාලේ වීදි අතරේ සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනිලා පාරේ මඩ වතුර බිව්වා
ගලන ලේ කිරි වුණේ නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ .. ඔබෙ පුතු නොවේද අම්මේ

අවසාන මොහොත මාගේ….

මේ කෲර ලෝක තලයේ නොමිනිසුන් සමගින් ඇසුරේ
ගෙවූ නිසයි මාගෙ ජීවේ මේ ලෙසින් අඳුරේ
මධුවිතින් මත් වෙලා කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බැහැනේ අම්මේ අඳුරු වීලා මාගේ ලෝකේ

අවසාන මොහොත මාගේ….

Awasana avasana Mohotha Mage Porakaya Desa Mane Lyrics – Bachi Susan

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists