&

පවුරු වළල්ලක් බැඳලා

Lyrics

පවුරු වළල්ලක් බැඳලා සතර අතේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා මං එනවා මුරකාවල් අතරින් මිදිලා
(පවුරු වළල්ලක් බැඳලා)

කවුළු දොරින් බලා ඉඳිමි ඔබ එනතුරු බලා ඉඳිමි //
ඈතින් පිය මනිනු දකිමි
සුසුම් හෙළා හඬා වැටෙමි, සුසුම් හෙළා හඬා වැටෙමි

පවුරු වළල්ලක් බැඳලා…

නිරතුරු ඔබෙ මුහුණ දකිමි පෙම් සටනින් පැරද නොයමි //
ලොවක් නොමැත අපට අහිමි
ඔබ හා මිස තනිව නොයමි, ඔබ හා මිස තනිව නොයමි

පවුරු වළල්ලක් බැඳලා…

Pavuru Walallak Bandala Pawuru – Indrani Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists