Hamuwuwado

හමුවූවදෝ | Hamuwuwado | Song & Lyrics

Lyrics of Hamuwuwado

දෙව්ලොව ඉඳලා
පියඹා එන පාට විහඟුන්
හෙමිහිට මුමුනා
මට කිව් ඒ රුව කාගෙදෝ

සිතුවිලි සනසා
පවසා නැති හාදකම පෙම්
හසුනක පටලා
මම එව්වා හමුවූවදෝ

සොඳුරේ හඳත් නැති කලුවර යාමේ
දැනුනේ නුඹත් නැති අඩුවද ආයේ පාරා
නුඔ නෑ අහන්නැති හදවත මාගේ
හුරු නෑ හිතත් හරි කලබල වාගේ මා හා

සඳසාවී මේ වසත් සමේ මට ආදරේ වසන් කලේ
එන වාරෙවත් මගේ ම නම් වස්සානයත් එදා
ඔය රෝස පාට කම්මුලේ හැඩ පාන ඈ තව ලං වුනේ
වෙන කාගෙවත් නොවී ම මං තව වාරයක් පුරා

තාම වාරකන්
කාලෙ නෑ වෙනස්
වෙලා කියලා

පෑව හාදකම්
පෑරුවාද මං
නුඹේ කියනා

ඈ මගේ නැතත්
නෑ මගේ නෙතින්
විඩා දැනිලා

දෙව්ලියන් වුනත්
ඈට ලෝබ කම්
කලා හැගුනා

මගෙ ආදරී නුඹෙ ශෝභා
එක ආදර බැල්මෙන් වෑහෙනා
හැමදා වගේ මට ඕනා
නුඹ දන්නේ නැතුවාමදෝ

සොඳුරේ හඳත් නැති කලුවර යාමේ
දැනුනේ නුඹත් නැති අඩුවද ආයේ පාරා
නුඔ නෑ අහන්නැති හදවත මාගේ
හුරු නෑ හිතත් හරි කලබල වාගේ මා හා

සඳසාවී මේ වසත් සමේ මට ආදරේ වසන් කලේ
එන වාරෙවත් මගේ ම නම් වස්සානයත් එදා
ඔය රෝස පාට කම්මුලේ හැඩ පාන ඈ තව ලං වුනේ
වෙන කාගෙවත් නොවී ම මං තව වාරයක් පුරා

මං හෙව්වේ රුව කාගෙදෝ


Iman Fernando – Hamuwuwado Hamu wuwado ( හමුවූවදෝ ) ft @DILUBeats hamuvuvado hamu uwado

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists