Poojasanaye Oba Hinduwa

පූජාසනයේ ඔබ හිඳුවා

Lyrics

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන ‍මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැඟිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුනත් එය වරදක් වේ

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන ‍මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැඟිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පා මුල හඬා වැටේ
අතමිට හිඟවී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන ‍මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැඟිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

Poojasanaye pujasanaye oba hinduwa hiduwa hiduva හිදුවා – Nanda Malani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists