ඩැෆොඩිල් මල

Lyrics

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ //

දුර ඈත ගං තෙරේ.. සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ .. දැත ගෙන මා
හීන් වැහි කෝඩයේ .. මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන් .. හැඟුම් සොඳුරුයී
රැඳුන නෙතඟේ .. එවන් සැන්දැ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ //

විලෝතුරු මං පෙතේ .. සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ .. දෑස සැලුවේ
දෑල වැල් පාලමේ .. හද විලම ආදරෙන්
සසල විය මුදු සරින් .. හැඟුම් සොඳුරුයි
රැඳුන මතකේ .. එවන් සැන්දෑ කලේ
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ //

Dafodil Male – Dayan Witharana

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists