හෙට දවසේ අප දෙදෙනා

Lyrics

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ //

කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි

හෙට දවසේ අප දෙදෙනා…..

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන
ආදරයම මම හිදිමි බලා

හෙට දවසේ අප දෙදෙනා…..//

heta dawase davase apa dedena- Priya Suriyasena

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists