මා ප්‍රාර්ථනාවේ

Lyrics

ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ
හද මාරුතේ ගිනි නිවා
සිත සිහිලැල් වූ යාමේ රෑ තාරුකාවේ
අපෙ ආදරේ එහි ලියා
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා

පෑ එදා ආලවන්තයේ සිනා
දෑසින් රහසින්ම යා වුණා
පෑ එදා ආලවන්තයේ
දෑසින් රහසින්ම යා වුණා
දිවුරා කියන්නම් ස්නේහේ නමින්
අරමුණ මගේ ඔබ වුණා
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා

රෑ පුරාම හීන පීරලා
නෑනේ තාම අපිව හමුවෙලා
හාදු එව්වේ සුලඟේ දවටලා
හංග හංග උන්නු කාරණා
නින්ද නේන රෑක එලි වුණා
ආපු දුරක මතකේ සිහි වුණා
පාර කියපු ගීතේ තනුව මා සදා වුණා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා

Ma prarthanawe aa desa dalwe dalve – Supun Perera

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists