&

වීණාවේ තත්සර රාවේ

Lyrics

වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ
වීණාවේ තත් පෙළ මාවේ
ඔබ පිරිමදිනා තාලෙට හෙලවේ
වීණාවේ තත්සර රාවේ

සිහිනෙන් හෝ වී නැති කිළුටු
ඔබ දළුවකි මටසිලුටූ
ආ…….
සිහිනෙන් හෝ වී නැති කිළුටු
ඔබ දළුවකි මටසිලුටූ
එම මුදු ළදළුව සුලලිත වේ
ඔබගේ සුසුමට නැළවේ //

වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ
වීණාවේ තත්සර රාවේ

ඔබය හද විල තිසරු කුලේ
පිපෙණු මැනවි පති කමලේ //
තඹුරු පියල්ලක රන තිසරූ
නළවමි බල බල රුසිරූ //

වීණාවේ තත් පෙළ මා වේ
ඔබ පිරිමදිනා තාලෙට හෙලවේ
වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ
වීණාවේ තත්සර රාවේ

Winawe weenawe vinawe veenawe thathsara- Haroon Lanthra & Sujatha Aththanayaka

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists