කැලේ ගහක මල් පිපිලා

Lyrics

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා

රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා

ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා

කැලේ ගහක ….

මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක්‌ මට ඉන්නට දෙන්නේ
කැලේ ගහක ….

Kale Gahaka Mal Nothala Un Pani Bonawa Lyrics – W. D. Amaradewa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists