නුඹේ සිතට

Lyrics

නුඹේ සිතට පුන්සද පායලා වගේ සිනා කිකිනි මල් පිපුනා දෙතොල දිගේ
එදා නැගුනු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹේ මට වාසනා නගේ
…
අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ මාල පොටේ මුතු අමුනා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ ආල සිතක් බැදුනයි රන් රුවට නුඹේ

නුබේ සිතට පුන්සද පායලා වගේ…….

නලල් තලට මුතු තැලි පට කිමද නගේ අතැගිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලතැවිල්ලට මංගල පෝරුවක් කොහේ සැනසිල්ලට දුරු රටකට යමුද නගේ
නුබේ සිතට පුන්සද පායලා වගේ…….

Numbe Nube Sithata Punsada Payala Wage Lyrics – Sunil Edirisinghe

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists