නුඹේ සිතට

Lyrics

නුඹේ සිතට පුන්සද පායලා වගේ සිනා කිකිනි මල් පිපුනා දෙතොල දිගේ
එදා නැගුනු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹේ මට වාසනා නගේ

අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ මාල පොටේ මුතු අමුනා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ ආල සිතක් බැදුනයි රන් රුවට නුඹේ

නුබේ සිතට පුන්සද පායලා වගේ…….

නලල් තලට මුතු තැලි පට කිමද නගේ අතැගිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලතැවිල්ලට මංගල පෝරුවක් කොහේ සැනසිල්ලට දුරු රටකට යමුද නගේ
නුබේ සිතට පුන්සද පායලා වගේ…….

Numbe Nube Sithata Punsada Payala Wage Lyrics – Sunil Edirisinghe

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists