දේදුන්නේ සත් පාට හංගලා

Lyrics

දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා //
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා

රෑ සදේ සිනිදු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි ගී රැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්
රෑ සදේ සිනිදු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පා මිණි කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබෙම වේ නම්
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා

දේදුන්නේ සත් පාට හංගලා…..

Dedunne sath pata hangala- Nirosha Virajini wirajini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists