Hima Meedum Walakule

හිම මීදුම් වලාකුලේ

Lyrics

හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ

පුරහඳ පෑයු පින්බර මුහුණේ
සුරතල් පෑවා මැවී පෙනේ
ළංකරගන්නට මසිත හඬද්දී
ළංකරගන්නට මසිත හඬද්දී
මා සනසන්නට වෙර දැරුවා

හිම මීදුම් වලාකුලේ

ඔහු අතගෙන ඔබ පියමැන යද්දී
මගේ ලොවක මා තනිවූවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී
අහිමි පෙමක් හමුවේ මා පැරදී
එනමුදු ඔබ අත වැරදි නැතේ

හිම මීදුම් වලාකුලේ

Hima Meedum midum vala Wala Kule – Athula Sri Gamage

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists