ඔබ දකින දකින දිනක 

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ

කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ
පොකුණු තලාවේ කුමුදු හිනාවේ

මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා
සළු පටලා බඳ වටලා

ඔබ දකින දකින දිනක …

පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
ඔබ නැති දා ලොව නැත මා
ඔබ නැති දා ලොව නැත මා

ඔබ දකින දකින දිනක …

Oba Dakina dhakina Dinaka – MS Fernando

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists