Sowin bara nuwan widala

සොවින් බර නුවන් විදාලා

Lyrics of Sowin Bara Nuwan Widala

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

හදේ ජනිත වු අමාවන්‌
සැබෑ ආදරේ අපේ
මුසාවන්‌ නිසා අනුන්ගේ
බිඳීලා ගියා

අහංකාර වු සිනාවෙන්‌
අපේ ආදරේ දවාළු
ලොවේ චෝදනා නිසා
මැවෙයි වේදනා

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

සදාතනික වු හැඟීමෙන්‌
මගේ ජීවිතේ පුරා
යාවුණා කියා සිතු මුත්
ඔබේ ආදරේ

කඳුළින්‌ කොපුල්‌ තෙමාලු
මගේ ආදරේ මකාලු
ඔබේ චේතනා නිසා
සිතේ වේදනා

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

Sovin Bara Nuvan Widala -T. M. Jayarathna

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists