මගෙ කඳුලින් නිමාවූ

Lyrics

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා

වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් වේදනාවෙන්
නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා

මගේ කඳුලින් නිමා වූ

පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා

මගේ කඳුලින් නිමා වූ

Mage Kandulin කදුලින් කදුළින් කඳුළින් Nima woo nimavu nimawu – Edward Jayakody

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists