Sudu Andumin

සුදු ඇඳුමින් සැරි

Lyrics

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ …

ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ …

Sudu Andumin adumin sari – Jayasri jaya sri

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists