Dili_Dili_Dilisena_Eliyak

දිළි දිළි දිළිසෙන එළියක්

Lyrics

දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ //

නැකතට පෝරුවේ
තැලි පිළි නැතිවට
දෑවැදි රන් පොදි
පැතුවේ නැතිවට
ලොකුවට මඟුලක්
ගත්තේ නැතිවට
ලොක්කා ගෙනා මනමාළිය
හරි පිං පාටයි
හරි පෙම් පාටයි

දිළි දිළි දිළිසෙන එළියක් …

ලොක්කන් වූවත්
ලොකු අඩුවක් ඇත
නෝනෙක් නැත්නම්
කිසි එළියක් නැත
ඔක්කොම එක්කල
වැනි ලොව සම්පත
ලොක්කා ගෙනා මනමාළිය
හරි සිරියාවයි
කිරි උතුරා යයි

දිළි දිළි දිළිසෙන එළියක් …

අද වැනි කනබොන
දවසක් ඇතිදෝ
අද නොම නටනා
නැටුමක් වෙතිදෝ
මංගල දිනයක්
මේ වැනි කොහිදෝ
ලොක්කා ගෙනා මනමාළිය
ගැන සංතෝසයි
හරි සංතෝසයි

දිළි දිළි දිළිසෙන එළියක් …

Dili Dili Dili Dilisena Eliyak – MS Fernando

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists