Digu Dasa Dutuwama

දිගු දෑස දුටුවාම | Digu Dasa Dutuwama | Song & Lyrics

Lyrics Of Digu dasa dutuwama

දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ
ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ

දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද
දිගු දෑස දුටුවාම

Digu dasa desa dutuwama – Romesh Sugathapala

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists