Duka Kiyannata

දුක කියන්නට කෙනෙක් නැති දා

Lyrics of Duka Kiyannata Kenek Nathi Da

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ දුකට හිනැහෙන්නේ

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ දුකට හිනැහෙන්නේ

වියළි කතරට වැහි පොදක්‌ ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක්‌ ලෙසින් හමා විත්
මට මාවත් නැති කලේ කොහොමද

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ දුකට හිනැහෙන්නේ

හදවත ඇවිලුනු අතීත දුක්‌ ගිනි
සුවපත් කළ පින නුඹට අයිතිමුත්
ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
හෙටක්‌ පතන්නට හිතට වාරු නැත

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ දුකට හිනැහෙන්නේ

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ දුකට හිනැහෙන්නේ

Duka Kiyannata Kenek Nathi Da – Victor Rathnayaka

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists