Boho Kalak Oya

බොහෝ කලක් ඔයා | Boho Kalak Oya | Song & lyrics

Lyrics of Boho Kalak Oya

බොහෝ කලක් ඔයා ඉන්නකො
මටත් වඩා සතුටින්
නෑ නෙ ඔයා තරම් මට නම්
වටින කෙනෙක් කොහේවත්
පිලිගන්නෑ හිත තවමත්
දුක් දුන්නෙ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවෙ සදා

දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ
පන තරම් ලන් වෙලා
ඔබ දන්නෙ නෑ තව ඔබ නැතිව බැරි බව
මම හොඳිින් දන්නවා
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නෙ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

මා දාල යනකොට දුක හිතුනෙ නැතිවද
වෙන හිතක පැටලිලා
ඔබ ආයෙ එනවද මම තාම හිත හිත
ජීවිතේ ගෙවනවා
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නෙ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවෙ සදා

බොහෝ කලක් ඔයා ඉන්නකො
මටත් වඩා සතුටින්
නැහැනේ ඔයා තරම් මට නම්
වටින කෙනෙක් කොහේවත්
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නෙ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

Booho kalak oya – Athula Adhikari

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists