දහ අතේ දුවන මල්

දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ
ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ
ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ

නුඹ මට ගඟක් වුනා
නුඹේ සිත පින් තොටක් ලෙසින් රකින්නට වුනා
මගේ නෙතු වහන් වුනා
දිය පවස තියෙන හැමටම නුඹ පැන් තොටක් වුනා

දහ අතේ දුවන මල්

නුඹ මට මලක් වුනා
නුඹේ සිත රන් මලක් ලෙසින් රකින්නට වුනා
මල් සුවඳට පෙමිනා
ආ බඹර උකුලු මුකුලින් නුඹේ හිත වෙනස් වුනා

දහ අතේ දුවන මල්

Daha Athe Duwana duvana Mal- Rohan Shantha Bulegoda

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists