නිසල වෙලා හද

Lyrics

නිසල වෙලා හද නොසැලේ හසරැල්
ආදර රතඳර යුගෙන් ඔබේ
සසලව යයි සිත මැලවුණු ඔබෙ වත
දෝවමි කඳුළැල්ලකින් මගේ
ඔබ නැති දා මේ ලෝකේ
තනිවේ මා දැවෙන සිතින්

නෑසිය මිතුරන් මේ සැම හමුවේ
සමුගෙන යන අවසන් ගමනේ
නිහඬ මුවින් මා.. ගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසිනේ

නිසල වෙලා හද නොසැලේ හසරැල්

මා සමඟින් එක්වී මේ භවයේ
එක මඟ ආ ඔබ වෙන්වන්නේ
නිහඬ මුවින් මා.. ගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසිනේ

නිසල වෙලා හද නොසැලේ හසරැල්

Nisala Wela vela Hada- Namal Udugama

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists