අද වෙයි ඉරු දින

අද වෙයි ඉරු දින ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද අද නොතැවේවිද
මගෙ හද විල මැද සැලෙන ඕළු කොඳ
අද සුපිපේවිද මගෙ සිත තුටු වේවිද
//

සතියේ දින හත, ගැන ගැන මගෙ සිත
ඉරිදා දින මත, මගෙ පැතුම් රැඳි ඇත
සඳ පායන තුරු, කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු, එන ඉරිදා වන තුරු

අද වෙයි ඉරු දින, ඔබ හමුවේවිද

ඔබෙ සියුමැළි වත, පන ගන්වයි සිත
පැටලී හදවත, සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට, ඇති මගේ සහතික
මැණ බර කිරුමට, හැකි වෙවිද කෙනෙකුට

අද වෙයි ඉරු දින, ඔබ හමුවේවිද //

Adawi ada weyi adawei adavei vei wei adha Iru Dina – Anil Bharathi barathi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists