Nilmini Denethe
&

නිල් මිණි දෙනෙතේ

Lyrics

නිල්මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ

මේ දිවි ගමන දුරයි
සතුටයි නිරන්තරේ
රන් මුතු වරුසා වැහැලා මිණි දෙහදේ
ලොව කුළු නැගෙන්න අහසේ
තරු පෙලගැහෙන්න රහසේ
මගෙ හිත හඳුණාගෙන ආවා සුහදේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ

විශ්වය මනෝහරයි
අපෙ ආදරෙ හැඟුම්බරයි
ඉර හඳ දේදුණු දිලෙන්නෙ අපට තමයි
සිසිලක් සදන්න දිවියේ
ළංවී හිඳින්න සසරේ
මගෙ දිවි ගමනේ සෙවණැල්ලත් ඔබමයි

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
ලා තරු එළියේ පායන සඳ සේ

Nil mini denethe nilmini නිල්මිනි – Rookantha Gunathilake, Chandralekha Perera

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists