Channa Kinnaravi

චන්න කින්නරාවි

Lyrics

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

රළු පොලව මතින් දිවෙනා
විඩාබර දිගු ගමනේ
මෘදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිදෝ
චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ
චන්න කින්නරාවී

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී

Channa Kinnaravi – Bachi Susan

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists