Sanda Warunawata
&

සඳ වරුණාවට

Lyrics

සඳ වරුණාවට තරු කැට ආකාසේ
මල් වරුණාවට පිනි වරුසා දිලිසේ
සඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ

පිනි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
මල් වරුණාවට විතරයි අපි එන්නේ
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ

හඳ අහසේ හිනැහෙනවා මිදුල පුරා රැස් පිපෙනා
ඒ සුදු පාටලු කිරි පැණි රන් තැටියේ
අපි මිදුලේ නටන වෙලේ පහන නිවා යන්න එපා
හඳ එළියක් හරි දෙන්නකෝ හඳ මාමේ

සඳ වරුණාවට තරු කැට ආකාසේ
මල් වරුණාවට පිනි වරුසා දිලිසේ
සඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ

පිනි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
මල් වරුණාවට විතරයි අපි එන්නේ
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ

මල් උදයේ හඳ නැතිලූ හඳ එන රෑ මල් නැතිලූ
ඇයි ඔය සේරම එක පාරම නැත්තේ
මල් පිපිලා උදේ හැඩයි හඳ පායා රැයේ රුවයි
එතකොට රෑ මෙන් උදෙත් ලස්සනයිනේ

සඳ වරුණාවට තරු කැට ආකාසේ
මල් වරුණාවට පිනි වරුසා දිලිසේ
සඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ

පිනි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
මල් වරුණාවට විතරයි අපි එන්නේ
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ

Sanda sada Warunawata වරුනාවට varunawata – Athula Adhikari & Keerthi Pasquwel

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists