සෙල්ලම්ගේ පාළුවෙලා

Lyrics

සෙල්ලම් ගේ පාලු වෙලා
බෝනික්කා තරහ වෙලා
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ

සෙල්ලම් ගේ පාලු වෙලා
බෝනික්කා තරහ වෙලා
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ

චන්ඩි කමට රංඩු කරලා අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා
චන්ඩි කමට රංඩු කරලා අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා

සෙල්ලම් ගේ පාලු වෙලා …

බිංකුඩෝ බිම නටවලා වැලි සෙල්ලම් බතක් උයපු
හද මාමා රන් තැටියට කිරියි පැණියි ගෙනත් තබපු
බිංකුඩෝ බිම නටවලා වැලි සෙල්ලම් බතක් උයපු
හද මාමා රන් තැටියට කිරියි පැණියි ගෙනත් තබපු
අතුරු මිතුරු දබ දිවතුරු රාජ කපුරු නෑ
පුංචි පුතා සීයලගේ ගෙදර ගිහිල්ලා
අතුරු මිතුරු දබ දිවතුරු රාජ කපුරු නෑ
පුංචි පුතා සීයලගේ ගෙදර ගිහිල්ලා

සෙල්ලම් ගේ පාලු වෙලා … //

Sellam ge Gei Palu Wela vela – Chandrasena Hettiarachchi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists