Oba pavi giya dura athakata

ඔබ පාවී ගීයා

Lyrics

ඔබ පාවී ගියා දුර ඈතකට
මා සසැලී තියා වරු ගානකට
සැඟවෙන්නෙ නෑ තරු දෑස
ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට

මතක මවන්නේ රැයේ හීන යායේ
දුක දන්නෙ නෑ ඈ මා සිතේ
මතක මවන්නේ රැයේ හීන යායේ
දුක දන්නෙ නෑ ඈ මා සිතේ
නෙතු ගාවින් තියා රුව මොහොතකට
ඔබ සැඟවී ගියා වෙන හීනෙකට

සිතද නොදන්නේ මැවී ඈව ආයේ
ඔබ දන්නෙ නෑ මගේ ආදරේ
සිතද නොදන්නේ මැවී ඈව ආයේ
ඔබ දන්නෙ නෑ මගේ ආදරේ
ඔබ ඒවී සිතා ලඟ පාතකට
මා නැවතී බලා ඉමි ආ මඟම
සැගවෙන්නෙ නෑ තරු දෑස
ඔබ ඒදෝ සොයා මාගේ සිහිනෙකට

ඔබ පාවී ගියා දුර ඈතකට
මා සසැලී තියා වරු ගානකට
සැඟවෙන්නෙ නෑ තරු දෑස
ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට

Oba Pavi pawi pavee Giya – Kaveesha Kaviraj

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists