Himin sere oba awa

හිමින් සැරේ ඔබ ආවා

Lyrics

හිමින් සැරේ ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා
හිමින් සැරේ ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා

හීන වලට දුක ගාලා
ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා

සුසුම් වලට දරාගන්න බැරුවා
දොර කවුළු තිර විවර වුණා
ඔල්වරසන් නැගුනා හිත
ඈ රැඟුමන් රැඟුවා

කාලය ගෙවී ගියා
අපෙ ලෝකේ
අප බලා සිටියා
ආදරේ නොකියා

හිමින් සැරේ ඔහු ආවා
ඔබෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා

හිමින් සැරේ ඔබ පිටව ගියා
මගෙ ලෝකෙන්
මා බලා සිටියා
ආදරේ නොකියා

Himin sere sare oba awa – Ajith Kumarasiri

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists