Birinda Mage Oba
&

බිරිඳ මගේ ඔබ

Lyrics

බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිද නොවේ
දෑගිලි හුයකින් බැදිපමනින් මා
ඔබගේ බිරිද නොවේ
ඔබගේ බිරිද නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත //

මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑගිලි පමනක් එකට බැදී ඇත
දෑගිලි පමනක් එකට බැදී ඇත

බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිද නොවේ

සිරුරින් එක තැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට //

ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද
අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද

නෑ මා ඔබගේ බිරිද නොවේ
දෑගිලි හුයකින් බැදිපමනින් මා
ඔබගේ බිරිද නොවේ
ඔබගේ බිරිද නොවේ

Birinda birida wife Mage Oba – Nanda Malani & Gunadhasa kapuge Gunadasa

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists