Lowama Epa

ලොවම එපා වී

Lyrics

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම් 
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ

ලොවම එපාවී

ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ

ලොවම එපාවී

Lowama ළොවම lovama ipawi Epawee epavi epawi – Nanda Malani

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists