Meewitha Purawa

මී විත පුරවා

Lyrics

මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
ඒ සුව යහනේ මද පවනේ අතීතයේ
සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

හිරුට හොරෙන් සඳුට හොරෙන්
හිරුට හොරෙන් සඳුට හොරෙන් තනි වී දෙන්නා
ලොව පිබිදී ඇති විටදී සැඟවී උන්නා
මුව කොනකින් සිනහ වෙලා ගොළු වී උන්නා

මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ

සිතට හොරෙන් තෙනට හොරෙන්
සිතට හොරෙන් තෙනට හොරෙන් කතා කළේ නෑ
ඔබට හොරා තව කෙනෙකුට සිනාසුනේ නෑ
අතීතයේ මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
ඒ සුව යහනේ මද පවනේ අතීතයේ
සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

Mee mi vitha vita wita witha purawa purava meewitha- Mervin Mihindukula marvin

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists