Gatha Babalai

ගත බබලයි | Gatha Babalai | Song & Lyrics

Lyrics Of Gatha Babalai

ගත බබලයි රන්වන් රන් වැල සේ
වත බබලයි රන් වන් පුන් සද සේ
නෙතු බබලයි රන් තරු යුවලක්‌ සේ
සිත බැදුනයි මල් කැකුලිට රහසේ

ගත බබලයි රන්වන් රන් වැල සේ
වත බබලයි රන් වන් පුන් සද සේ
නෙතු බබලයි රන් තරු යුවලක්‌ සේ
සිත බැදුනයි මල් කැකුලිට රහසේ

ගමනින් බිමනින් ඇය මියුලැසියයි
තෙපුලින් ඇය සැලලිහිණි කුමරියයි
පින්බර පෙනුමින් පරවි රැජිනියයි
පෙම්බර හැගුමින් බඹර යුවතියයි

ගත බබලයි රන්වන් රන් වැල සේ
වත බබලයි රන් වන් පුන් සද සේ
නෙතු බබලයි රන් තරු යුවලක්‌ සේ
සිත බැදුනයි මල් කැකුලිට රහසේ

නලල් තලය අඩ සද සේ බැබලෙයි
දෙතොල් පෙතිද නා දලු සේ දිලිසෙයි
දසන් වලට මුතු කැට වුව පැරදෙයි
රටක්‌ වටින සිනහව මුව විහිදෙයි

ගත බබලයි රන්වන් රන් වැල සේ
වත බබලයි රන් වන් පුන් සද සේ
නෙතු බබලයි රන් තරු යුවලක්‌ සේ
සිත බැදුනයි මල් කැකුලිට රහසේ

ගත බබලයි රන්වන් රන් වැල සේ
වත බබලයි රන් වන් පුන් සද සේ
නෙතු බබලයි රන් තරු යුවලක්‌ සේ
සිත බැදුනයි මල් කැකුලිට රහසේ
සිත බැදුනයි මල් කැකුලිට රහසේ

Gatha Babalai – Indrajith Dolamulla

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists