Sitha

සිත

Lyrics

සුලඟක් වාගේ විසිරෙන හිත
කන්දක් වාගේ නිසසල හිත
අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට
බැලූවම මගෙත් නෙමෙයි මේ හිත
කොතරම් වෙහෙසක් දැරුවත් ගත
සතුටක් ලැබුවේ නැතිනම් හිත
ගිනියම් කතරක මැදි වී
ඉන්නට හැක මට තනි වී
සතුටක් ලැබු වේ නැති නම් හිත

එක් වෙන දාට හිනහෙන හිත
වෙන් වෙනදාට හඩනා හිත
කව්රු මොනවා කීවත්
කවුරු මොනවා කෙරුවත්
දවසක හැමදේ හැර යයි හිත
කැරකෙන රෝදය වාගෙයි හිත
අගක් මුලක් සොයනට බැරි හිත
අසරණ කෙනෙකුට සරණක්
වෙන්නට හැකි නම් කෙනෙකුට
කවදත් බබලනවා ඒ හිත

සුලඟක් වාගේ විසිරෙන හිත
කන්දක් වාගේ නිසසල හිත
අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට
බැලූවම මගෙත් නෙමෙයි මේ හිත

Sitha hitha sulangak wage wisirena- Senaka Batagoda

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists