Arundathi tharakawa se

අරුන්දතී තාරකාව සේ දිලී දිලී

Lyrics

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන්පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පති නැණින් යොවුන් සිත බැඳී බැඳී
දවස්පති රුවින් සිනාසෙයි නැගී නැගී

වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල්වන් වැවු යායයි
සිරිලක දසනුදිසා එක හීයයි
ලක් වැසියෙක් වී අද ඉර පායයි

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන්පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පති නැණින් යොවුන් සිත බැඳී බැඳී
දවස්පති රුවින් සිනාසෙයි නැගී නැගී

මල්සර උක්දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දානයි
හිරු නව පැතුම් පතා ‍රැස් විහිදයි
නිවහල් ලොවකට මංපෙත සාදයි

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන්පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පති නැණින් යොවුන් සිත බැඳී බැඳී
දවස්පති රුවින් සිනාසෙයි නැගී නැගී

Arundathee arundathi Tharakawa tharakava Se Dili Dili – Victor Rathnayaka

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists