Sihinen Awidina Mage Depa

සිහිනෙන් ඇවිදින

Lyrics

සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
මේ දිය බඳුනක් කවුදෝ තැබුවේ
සිහිනෙන් ගොස් මා නිබඳ විවර කළ
දොර කවුරුද වැසුවේ //

දෙපයට දැනිලා වතුරේ සීතල
සිහිනෙන් ඇවිදින මා බලනා සඳ
ඒ නිල් දිය මත සෙවණැල්ලක් වී
හිනැහෙන ඔබ රුව මා නෙත රැඳුනා

සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
මේ දිය බඳුනක් කවුදෝ තැබුවේ
සිහිනෙන් ගොස් මා නිබඳ විවර කළ
දොර කවුරුද වැසුවේ

ගේ දොර හැරගෙන මිදුලට අවුදින්
බැලු විට දිදුලන සඳ රේඛා මත
සිහිල’ඹ පොකුණින් දිය නා සපැමිණි
කුමාරියක් වී ඔබ රුව පෙණුනා

සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
මේ දිය බඳුනක් කවුදෝ තැබුවේ
සිහිනෙන් ගොස් මා නිබඳ විවර කළ
දොර කවුරුද වැසුවේ

Sihinen Awidina avidina mage depa langa laga – Victor Rathnayaka

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists