Sanda Kinithi Nemi

සඳ කිණිති නැමී

Lyrics

සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ //

සසළ නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසළ නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසළ වෙලා දිය කැළඹුණු දා
බිඳෙයි සඳ කැබිළි පිටින්

සඳ කිණිති නැමී විල් දියට එබී

සසළ නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසළ නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්

සඳ කිණිති නැමී විල් දියට එබී

Sanda Kinithi Namee nami sada – Lakshman Wijesekara

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists