Kakiri palena tikiri sinawai

කැකිරි පැලෙන ටිකිරි හිනාවයි

Lyrics

කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි

කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි

ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝප වෙයි නොවෙයිද සිතෙනවා
ඈ මා ළඟින්ම පාද තබනවා
වාසනාව මෑත පෙනෙනවා
රහසකින් රසින් ඇසෙනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි හිනාවයි /

රන් තොරන් බඳින්න ඕනද
පාවඩ එලන්න ඕනද
හේවිසි වයන්න ඕනද
ඔය දෙපා තබන්නේ එහෙමද
මල් සරාට වැරදිලා වගේ
මට පෙනෙන්නෙ වැරදිලා වගේ
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි හිනාවයි /

Kakiri Palena pelena Tikiry tikiri – MS Fernando

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists