පැහැසර අරුණක
ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම
සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ
සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ
සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ
පැහැසර අරුණක …
ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ
ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ
පැහැසර අරුණක …
Pahasara Arunaka aranaka – Asanka Priyamantha Peiris peris

