Dase Kalum Kan Mawa Dee

දෑසේ කැළුම් කැන් මවා දී

Lyrics of Dase Kalum Kan Mawa Dee

දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ

ගලා යන්නෙ ගඟුලක් වගේ නම්
ලතවෙන්න ඉවුරේ ඉමි
ගලා යන්නෙ ගඟුලක් වගේ නම්
ලතවෙන්න ඉවුරේ ඉමි
තරුමල් ඔබේ නම් රාත්‍රියේ
මම අන්ධකාරේ ඉමි

දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ

නෙලා ගන්න ඔබ සිත් බඳී නම්
පරවෙන්න සුපිපි ඉමි
නෙලා ගන්න ඔබ සිත් බඳී නම්
පරවෙන්න සුපිපි ඉමි

භවයෙන් භවේ මතු ආත්මයේ
ඉම තෙක්ම පෑහී ඉමි

දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ

Dase Kalum Ken Mava Di – Milton Mallawarachchi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists