Keheral kadagena

කෙහෙරැල් කඩාගෙන

Lyrics

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විදියට හැඩ බැලුවේ //

නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා
සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා
වන වදුලක සැඟවුණ සිව්පාද සතා
සමග ඔබී ඔබෙ කරවට කිඳුරු පබා

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ …

තුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන්
අරියාදුවට දුන් සිනහව සින්න කරන්
කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්
කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන්

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ … //

Keheral Kadagena – Senanayaka Weraliyadda

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists