සඳකට තහනම්

සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න

සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න

අමාවකට ඇති කලුවර අපමණය
සමාව වෙනුවට අපි අද දෙතැනකය
ඔයා නමට ලියු අන්තිම කවි පදය
දරා ගන්න බැරි ගින්දර විතරමය
දරා ගන්න බැරි ගින්දර විතරමය

සඳකට තහනම්

පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම
සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම
හිතන්න රන්කඳ පෙම් කළ හින්දාම
පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට
පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට

සඳකට තහනම්

Sandhakata sadakata Thahanam- Namal Udugama

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists