ඔබ ඈත සඳ

lyrics of Oba Atha Sanda

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හද අඳුරේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ

ඔබ ඈත සඳ….

මධු සඳ තරුවද හමුවීලා
සිටියද ඔබ මා ළංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

ඔබ ඈත සඳ….

Oba aatha sanda sada – Bandara Athauda

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists