&

බොඳ මීදුම් කඳුරැල්ලේ

Lyrics

බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා හෙටත් වාසනාවන්

සිහින නදී රළ රැල්ලේ
පැතුම් රුවල් රන් ඔරුවෙ
ඔබේ නිමල නෙත් ද්‍රාහින්
මටත් වාසනා මටත් වාසනාවන්

හිතක තැවුල් සංසිඳිලා
මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා මටත් වාසනාවන්
රෑ සියන්ගේ නොනිමි නාද
තැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
මටත් වාසනා හෙටත් වාසනාවන්

සිහින නදී රළ රැල්ලේ
පැතුම් රුවල් රන් ඔරුවෙ
ඔබේ නිමල නෙත් ද්‍රාහින්
මටත් වාසනා මටත් වාසනාවන්
බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා හෙටත් වාසනාවන්

මාල හතක් පළදන්නට
හීන හතක් එලිවන්නට
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා මටත් වාසනාවන්
අනාගතය කිරුළු දරා
දෙපා මුලට වඩින තුරා
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා හෙටත් වාසනාවන්

මටත් වාසනා හෙටත් වාසනාවන් ////

Bonda Meedum midum -Abeywardana Balasooriya & sujatha aththanayaka abewardana balasuriya

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists