Atha Epita Dura Akase

ඈත එපිට දුර ආකාසේ

Lyrics of Atha Epita Dura Akase

ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී බලා එබිලා ඇදී
වලාකුළුවලින් රිදී බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ

මගෙ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මි මාලා
මගෙ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මි මාලා
පුරවන්න මේ පාළු ජීවේ
පුරවන්න මේ පාළු ජීවේ
පායන්න රන් තාරකාවේ
පායන්න රන් තාරකාවේ

ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී බලා එබිලා ඇදී
වලාකුළුවලින් රිදී බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ

රෑ මෙන් ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහේ නිදැල්ලේ
රෑ මෙන් ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහේ නිදැල්ලේ
මගෙ ජීවිතේ මල් කැදැල්ලේ
මගෙ ජීවිතේ මල් කැදැල්ලේ
දිලිසේවි නොනිවී තුරුල්ලේ
දිලිසේවි නොනිවී තුරුල්ලේ

ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී බලා එබිලා ඇදී
වලාකුළුවලින් රිදී බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ

Atha Epita Dura Akase – Milton Mallawarachchi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists