Rosa walakulu saha seeni banis

රෝස වලාකුළු සහ සීනි බනිස්

Lyrics

රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි
හයියෙන් වහින වැස්සත් එක්ක
අයිස් ක්‍රීම්
ආදරෙන් පිරිච්ච ඔයත් එක්ක
මං

කතා කරන හඳ පායන රෑ
සුරංගනාවියො සින්දු කියනකොට
ඇපල් පාවෙන නදිය ගලන මිටියාවතේ
අහස නැවතිලා හිටියා

රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි

හීන කන්දට යන පාර දිගේ
කතන්දර අහුලන්
ලුණුත් එක්ක ස්ට්‍රෝබෙරි කන්න
ඔයා එනකල්
මම බලන් හිටියා
ඉර නතර කරන්

Rosa pata walakulu saha seeni sini banis – Ajith Kumarasiri

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists