Pem Banda Sith Banda

පෙම් බැන්ද සිත් බැන්ද

Lyrics

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා //

රන් තාරකාවෝ
දෙනෙතේ රැඳුනාවේ
මේ සොඳුරු සිහිනේ
කවදා ඉටුවේදෝ ළ‍ඳේ
නිම් හිම් නැතේ
සෙනෙහේ ලයේ
මන්දෝ ළදේ
සැඟවී ගියේ

පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුණාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගීයේ
හැඟුමන් මගේ
ඔබ හා බැඳේ
පැවතුම් ඔබේ
නොදනී ළඳේ

පෙම් බැන්ද සිත් බැන්ද … //

Pem Banda Sith Banda- Chandrakumara Kandanarachchi චන්‍ද්‍ර කුමාර් කඳනාරච්චි

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists