Pempatha Irannepa Guruthumani

පෙම්පත ඉරන්නෙපා | Pempatha Irannepa | Song & Lyrics

Lyrics of Pempatha irannepa

පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආදා ඇගේ සිත බැදුනී
ඈ අතහරින්න මට දුක සිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී

යෞවනයේදී උපදින පෙම් සිහින
දිග පළලක් නෑ ඇති නැතී වීම
මා ආදරයේ දෙවියෙකු වීම
ඇරඹුණු තැන ඇයගේ හමුවීම
ඇරඹුණු තැන ඇයගේ හමුවීම

පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආදා ඇගේ සිත බැදුනී
ඈ අතහරින්න මට දුක සිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී

පොත පතටත් අපි හරිම ආදරෙයි
අපි අපිටත් ඒ වගෙම ආදරෙයි
වැරදුනොතින් ජීවිතය පාළු වෙයි
දන්නා තරමට නපුරක් නොමවෙයි
දන්නා තරමට නපුරක් නොමවෙයි

පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආදා ඇගේ සිත බැදුනී
ඈ අතහරින්න මට දුක සිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී

Pempatha irannaepa – Ajith Muthukumarana

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists