Eda Pemwathun Se

එදා පෙම්වතුන් සේ

Lyrics

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

තැනූ මල් යහන් ලියූ ඒ හසුන්
එදා පෙම්වතුන් දැන් මෙදා මව්පියන්
පැතූ පෙම් පැතුම් මැවූ පෙම් සිතුම්
අපේ සිත්වලින් දැන් මැකීලා සෙමින්

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

නැගූ රන් තොරන් කියූ පෙම් වදන්
සිඳී අප සිතින් දැන් පැතූ ඒ දසුන්
එදා පෙම්වතුන් මෙදා මව්පියන්
අපේ නෙත්වලින් දැන් මැකීලා ගිහින්

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

Eda Pemwathun pemvathun Se – Mervin Mihindukula

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists