Adaraye Sihil Diyen

ආදරයේ සිහිල් දියෙන්

Lyrics of Adaraye Sihil Diyen

ආදරයේ සිහිල් දියෙන්
ආදර කඳුලක්
කවුද පාට කරලා
තිසා වැවේ ඉවුරේ තිබී මට හමු වුනා
කාට අයිතිදැයි කියන්න
ඔබටත් මෙය අමතක වී තිබුනා
අමතක වී තිබුනා

සසර ඉම දුර ඈත දවසක
ආදරෙන් අපි හමු වෙලා
ඔබ ලියූ පෙම් කවක තිබිලා
හිත තලා ගිය ආදර කඳුලක්
ආයෙමත් මට හමු වුනා

අහිමි වූ එක වසත් කාලෙක
ආදරෙන් අපි වෙන් වෙලා
ඇස ඉනූ කඳුළු වැල් අමුණා
එදා පෙම් සිත හමු වුනා
ඔබේ සුවඳ එහි තවරලා

ආදරයේ සිහිල් දියෙන්
ආදර කඳුලක්
කවුද පාට කරලා
තිසා වැවේ ඉවුරේ තිබී මට හමු වුනා
කාට අයිතිදැයි කියන්න
ඔබටත් මෙය අමතක වී තිබුනා
අමතක වී තිබුනා

Adaraye Sihil Diyen – Karunarathna Divulgane

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists